Posts

Showing posts from September, 2019

උබ්ටන් ෆේස් පැක්

Image
🤔😲   උබ්ටන් ෆේස් පැක්  😲🤔 ඉන්දියන් බොලිවුඩය නිසොල්මන් කල ඒ රූමත් තරණිය ප්‍රියන්කා චොප්රාගේ සොබා සුන්දරත්වයේ රහස  උබ්ටන් ෆේස් පැක් එක  😲😲 ඉන්දියාව ,පාකිස්තානය  වැනි රටවල් වල තාරුණ්‍යන්ගේ මනාලියක් වීමේ සිහිනයට පිය මනින්නට පෙර භාවිතා කර උබ්ටන් ෆේස් පැක් එක 😲😲 ඉන්දියන් සම්ප්‍රදායික පව්ල් වල පමණක් භාවිතා කර උබ්ටන් ෆේස් පැක් එක 😲😲         ලියන්න ගත්ත වෙලේ ඉදන් කියෝගන කියෝගන ගියා මිසක් තිබ්බ උද්‍යෝගයට උබ්ටන් ෆේස් පැක් කියන්නේ මොකද්ද කියන්නවත් වෙලාවක් හම්බුන් නෑ ...        එහෙනම් දැන්  කියන්නම්කෝ මේ උබ්ටන් ෆේස් පැක් කියන්නේ මොකද්ද කියලා...මම මුලින්ම කියපු ටොපික් ටිකත් එක්කම හිතෙන්න ඇතිනේ ...දුටුවන් පුදුම කරන හරි අපූරූ පැක් එකක් කියලා අද මම කියලා දෙන්න හදන්නේ..😍😍 ඇත්තටම මේ   උබ්ටන් ෆේස් පැක් කියන අරුම පුදුම කටට සවනට නුහුරු  ඒ වචනේ මොකද්ද.🤔🤔   ඇත්තම කිව්වොත් මේ උබ්ටන් ෆේස් පැක් කියන්නේ..දුර්ලබ හර්බල් වර්ග 9 කින් හදන අරුම පුදුම ෆේස් පැක් එකක් තමයි...       ඉ...

AHA serum

Image
ගොඩක් දෙනා මැසේජ් එවනව AHA එක ගැන අහල. එක එක්කෙනාට වෙන වෙනම කියන්න අමාරු නිසා මම පෝස්ට් එකක් දාල ඒකෙ ලින්ක් එක දෙන්න හිතුවා. 😊😊 ඔන්න ඔයාලගෙ ප්‍රශ්න වලට පිලිතුරු ඔක්කොම පහලින් දානවා. ♥️♥️මොනවද මේ AHA??🤔🤔 ඇල්ෆා හයිඩ්‍රොක්සි අම්ලය තමයි කෙටියෙන් AHA කියන්නෙ.මේකෙ පලතුරුවලින් හා කිරිවලින් ලබාගන්නා විවිධ හිතකර අම්ලවර්ග තමයි තියෙන්නෙ. ♥️♥️මේක බ්ලීචින්ද?? 🤔🤔 ඔව් , මේක ස්වභාවික බ්ලීචින් එකක්. නමුත් ඔබ කියන ආකාරයේ ම'කරි වැනි අහිතකර බැරලෝහ අන්තර්ගත බ්ලීචින් එකක් නෙවෙයි. උදාහරණයක් විදිහට ගත්තොත් දෙහි ලෙමන් වගේ දේවල් වලත් තියෙනවා ස්වභාවික බ්ලීචින්.ඒව ශරීරයට අහිතකර නෑ . ස්වභාවික පැහැපත් බවක් ලබාදෙන්න මේ බ්ලීචින් වැදගත් වෙනවා. ♥️♥️කොහොමද AHA හදාගන්නෙ?? 🤔🤔 ඇල්ෆා හයිඩ්‍රොක්සි අම්ල වර්ග ගණනාවක් තියෙනවා. පහතින් මම කිහිපයක් සදහන් කරන්නම් ඒව ලබාගන්න මූලික අමුද්‍රව්‍ය එක්කම. ග්ලයිකෝලික් අම්ලය - උක් වලින් සිට්‍රික් අම්ලය - දෙහි හා ලෙමන් ලැක්ටික් අම්ලය - කිරිවලින් මැලික් අම්ලය - පෙයාස් හා ඇපල්වලින් ටාටරික් අම්ලය - මිදිවලින් හයිඩ්‍රොක්සි කැප්‍රිලික් අම්ලය - සතුන්ගෙන් ඉතින...

සැෆ්‍රන් ඔයිල්...

Image
💮💮 සැෆ්‍රන් ඔයිල්...💮💮 🌼අපි හැමදාම ඔයාලා ඉල්ලපු දේ දුන්නා.. ඉතින්න් අදත් ඔන්න ඔයාලම ඉල්ලපු දෙයක් දෙන්නයි යන්නේ... 🤔🤔බලන්නකො එහෙනම්... 💢 සැෆ්‍රන් ගැන අමුතුවෙන් ඔයාලා එක්ක මං කතා කරන්න අවශ්‍ය නැහැ කියලා මං හිතනවා. කොයි තරම් මිල අධික වුනත් සැෆ්‍රන් කියන්නේ මිල කල නොහැකි දෙයක්.. එහෙම නේද... 👉👉අපි අද බලමු සැෆ්‍රන් වලින් ඔයිල් එකක් හදාගන්න විදිය... 💥අවශ්‍ය දෑ :-  👉සැෆ්‍රන් පිංච 2 (  දැන් ඉතින් අහනවනේ පින්ච 2ක් කියන්නේ කොච්චරක්ද කියලා.. 😁 පින්ච 2ක් කියන්නේ දබරැගිල්ලෙයි මහපට ඇගිල්ලෙයි තුඩු වලට අහු වෙන ප්‍රමාණය )                                               👉ආමන්ඩ් ඔයිල් හෝ ඔලිව් ඔයිල් කෝප්ප භාගයක්                          👉ග්ලිසරින් තේ හැදි 1 1/2                          👉පිරිසිදු වියලි බෝතලයක් 💢හරි දැන් හදමු....

කුංකුම (SAFFRON)නිවරදිව පාවිච්චි කරන ආකාරය

Image
කුංකුම (SAFFRON)නිවරදිව පාවිච්චි කරන ආකාරය සහ SAFFRON භාවිතයෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන❤️❤️❤️❤️❤️ ♥️මෙම රේණු 3ක් කිරි හෝ පිටි කිරි සමග පානය කරනව නම් ගොඩක් හොද ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්.බබාලා ලැබෙන්නට ඉන්න අම්මලාටත් ගොඩක් හොදයි.. ♥️ඒ වගේම fresh milk වීදුරුවකට රේණු 3ක් 4ක් දාලා fridge එකේ තියලා උදේට බොනව නම් ඒත් ගොඩක් හොදයි..saffron වලින් හදන විශේෂ කිරි එකක් තියෙනවා ... ♥️ඒවගේම තමන් පාවිච්චි කරන ක්‍රීම් එකට රේණු 3ක් දාලා රාත්‍රියට ආලේප කරනව නම් මූනට හොද එලියක් ගන්න පුලුවන්. ස්වාභාවික සැෆ්රෝන් නැතිනම් කුංකුම භාවිතයෙන් සම ලස්සන කරගන්න, සම නිරෝගී කරගන්න්නෙ කොහොමද? හොදම සැෆ්රෝන් අදුනගන්නෙ කොහොමද? කියලා දැනගන්න මේ සටහන කියවන්න. සැෆ් රෝන් භාවිතයෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන 👇👇👇👇👇 - සම පැහැපත් කරයි - සම නීරෝගී කරයි - සමෙහි කළු පැල්ලම් සෙමෙන් ඉවත් කරයි - දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න අම්මලාට ලස්සන නීරෝගී දරුවන් ලබාදෙයි - ආහාර පාලනය කර අනවශ්‍ය මේදය ඉවත් කිරීමට - දීප්තිමත් සමක් ලබාදෙයි - කෙස්කළඹ නීරෝගී කරයි - ශක්තිමත් කරයි - කෙස් ඉක්මනින් වර්ධනය කරයි - පිළිකා අවධානම අඩුකරයි - ඇස් පෙනී...

ළඳුන් සුරගනන් කරන කුංකුම......

Image
ළඳුන්   සුරගනන්  කරන කුංකුම...... කුංකුම සියවස් ගණනාවක සිට ප්‍රධාන කුළුබඩුවක්,රූපලාවන්‍ය සදහා, සුවඳ ද්‍රව්‍යක්, සායම් ද්‍රව්‍යක් සහ ඖෂධිය ද්‍රව්‍යක් ලෙස ප්‍රචලිතව ඇත. බුද්ධ වර්ෂ 600 පමණ කාලයේ ෆීනිෂියානුවන් විසින් කටුක සුගන්ධයකින් සහ සිනිඳු කලංකයකින් යුත් මේ අරුම පුදුම පැළෑටිය සොයාගෙන තිබේ. මේ කලංකය සතුව බොහෝ රෝග සුවකිරීමේ හැකියාවක් පවතින බව විශ්වාස කෙරෙන අතර ඉතා තද වර්ණයක් ඇතිකිරීමේ හැකියාව ද පවතියි. දුම්කොළ, මද්‍යසාර, කිරි, විලවුන්, මුහුණු ආලේපන සහ වර්ණක කර්මාන්තය ඇතුළු බොහෝ කර්මාන්තවල ද අමුද්‍රව්‍යයක් ලෙස කුංකුම භාවිත කරයි. විවිධ ආගමික උත්සව සඳහා ද කුංකුම යොදාගනියි. සුප්‍රකට පුරාණ ඊජිප්තු රාජිණිය ක්ලියෝපැට්රා ද සිය සම රන්වන් පැහැ ගැන්වීම සඳහා කුංකුම ගල්වා ඇති බව ද සඳහන්ය. කුංකුම ශාකයේ වගාව දීර්ඝ කාලයක් තිස්සේ ඉන්දියාවට නිරිත දෙසින් හා චීනයට ඊශාන දෙසින් වූ මධ්‍යධරණී මුහුදෙන් මායිම් වූ පුළුල් යුරෝ- ආසියානු කලාපයට මධ්‍යගතව පවතී. ඉරාණය, ස්පාඤ්ඤය, ඉන්දියාව සහ ග්‍රීසිය පුරාණ කාලයේ සිටම කුංකුම නිෂ්පාදනයේ ප්‍රමුඛත්වයක් ඉසිලූ අතර වර්තමානය වන විටද ලෝක වෙළඳ පොල අභිභවා...

මුල්තානි මිට්ටි කියන්නෙ මොනවාද ???

Image
#මුල්තානි_මිට්ටි_කියන්නේ_මොනවද? 🤔#              ❇️    මුල්තානි කියන්නේ ඉන්දියානු මැටි විශේෂයක්.මෙය fullers earth කියලා තමයි හඳුන්වන්නේ.whitening clay, bleaching clay කියලත් මෙම මුල්තානි හඳුන්වනවා.ඒ කියන්නේ ස්වාභාවික බීලිච් එකක් මෙම මුල්තානිවල අඩංගු වෙනවා.එමනිසා ම ඉන්දියාව වැනි රටවල්  මුල්තානි බහුල ලෙස රෑපලාවන්‍ය කටයුතු සඳහා යොදා ගනු ලබනවා.                 ❇️   මෙහි ඇති ස්වාභාවික බීලිච් එක නිසාම ඉන්දියානු කාන්තාවන් මෙන්ම පුරැෂ පක්ෂය ද මෙම මුල්තානි අද වන විට භාවිතා කිරීමට යොමු වී ඇත.මන් ද එය රළු සමටත් එකසේ ක්‍රියා වන නිසාය.               ❇️   Face pack සාදා ගැනීමේ දී තමන්ගේ skin type එක අනුව හරියාකාරව ද්‍රව්‍ය  යොදා ගන්නවා නම් මුල්තානි මිට්ටිවලින් හොඳ ප්‍රතිඵල ලබා ගන්න අපට පුළුවන්. 🔆 අපි දැන් බලමු මුල්තානි භාවිතා කිරීම තුළින් ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා. *   සමට දිදුළන පැහැයක් ලබා ගන්න පුළුවන්. *   කුරුලෑ ඇති...

සැෆ්‍රන් හා කස්තුරි කහ වලින් පැක්

Image
රන්වන් පාට මුහුණකට ඔබත් කැමතිද? වෙලදපොලෙන් මිලදී ගන්නා බ්ලීචින් හා වෙනත් රසායනික ද්‍රව්‍ය අන්තර්ගත ක්‍රීම් හා ආලේපන වෙනුවට ඔබට නිවසේදිම විනාඩි කිහිපයක් තුල රන්වන් පැහැ විය හැකි ආලේපන කිහිපයක් අරගෙනයි අද ආවෙ. 1. දොඩම් හා මී පැණි ඔබට තියෙන්නේ තෙල් සමක් නම් ඔන්න පැහැපත් වෙන්න හොදම විසදුමක් . දොඩම් ගෙඩියක කහපාට  පොතු මද පවනේ වියලාගෙන බ්ලෙන්ඩරයට දමා අඹරාගන්න .එයට මී පැණි තේ හැන්දක් පමණ එකතු කර තලපයක් සකස් කර මුහුණේ හා බෙල්ල ප්‍රදේශයේ ආලේප කරන්න. විනාඩි විස්සකින් පමණ උඩු අතට කවාකාරව මසාජ් කරමින් සෝදා හරින්න. ඔබට තියෙන්නේ වියලි සමක් නම් දුක්වෙන්න එපා , මේ මිශ්‍රණයටම කිරි මේසහැන්දක් හෝ පොල්තෙල් මේස හැන්දක් එකතු කරල ආලේප කරන්න .සාමාන්‍ය සමටත් ඒ අයුරින් භාවිතා කල හැකියි . දොඩම් පොතුවල ඇති හිතකර අම්ලවල බැක්ටීරියානාශක ගුණය නිසාම මේ මිශ්‍රණය කුරුලෑ සහිත සමකට උනත් සුදුසුයි. බ්ලැක් හෙඩ් වයිට් හෙඩ්, කලු පැහැ පැල්ලම් වලින් සම පිරිලා නම් ඒ අයටත් මේ ප්‍රතිකර්මය සුදුසුයි. දොඩම් වල ඇති විටමින් සී නිසා සමේ ඇති අදුරු පැල්ලම් ඉවත් වේ. 2. පැපොල් හා ඕට්ස් පැපොල් මදය ආහාරයට ගැනීමෙන් අන්ත්‍රය ...