ළඳුන් සුරගනන් කරන කුංකුම......
ළඳුන් සුරගනන් කරන කුංකුම......
කුංකුම සියවස් ගණනාවක සිට ප්‍රධාන කුළුබඩුවක්,රූපලාවන්‍ය සදහා, සුවඳ ද්‍රව්‍යක්, සායම් ද්‍රව්‍යක් සහ ඖෂධිය ද්‍රව්‍යක් ලෙස ප්‍රචලිතව ඇත.
බුද්ධ වර්ෂ 600 පමණ කාලයේ ෆීනිෂියානුවන් විසින් කටුක සුගන්ධයකින් සහ සිනිඳු කලංකයකින් යුත් මේ අරුම පුදුම පැළෑටිය සොයාගෙන තිබේ.
මේ කලංකය සතුව බොහෝ රෝග සුවකිරීමේ හැකියාවක් පවතින බව විශ්වාස කෙරෙන අතර ඉතා තද වර්ණයක් ඇතිකිරීමේ හැකියාව ද පවතියි.
දුම්කොළ, මද්‍යසාර, කිරි, විලවුන්, මුහුණු ආලේපන සහ වර්ණක කර්මාන්තය ඇතුළු බොහෝ කර්මාන්තවල ද අමුද්‍රව්‍යයක් ලෙස කුංකුම භාවිත කරයි.
විවිධ ආගමික උත්සව සඳහා ද කුංකුම යොදාගනියි. සුප්‍රකට පුරාණ ඊජිප්තු රාජිණිය ක්ලියෝපැට්රා ද සිය සම රන්වන් පැහැ ගැන්වීම සඳහා කුංකුම ගල්වා ඇති බව ද සඳහන්ය.
කුංකුම ශාකයේ වගාව දීර්ඝ කාලයක් තිස්සේ ඉන්දියාවට නිරිත දෙසින් හා චීනයට ඊශාන දෙසින් වූ මධ්‍යධරණී මුහුදෙන් මායිම් වූ පුළුල් යුරෝ- ආසියානු කලාපයට මධ්‍යගතව පවතී. ඉරාණය, ස්පාඤ්ඤය, ඉන්දියාව සහ ග්‍රීසිය පුරාණ කාලයේ සිටම කුංකුම නිෂ්පාදනයේ ප්රමුඛත්වයක් ඉසිලූ අතර වර්තමානය වන විටද ලෝක වෙළඳ පොල අභිභවා සිටී. එක්සත් රාජධානියේ “සැෆ්රන් වෝල්ඩන්” හිද සාර්ථක ලෙස කුංකුම වගා කර ඇත. ඇමෙරිකාවේ කුංකුම වගා කිරීම ආරම්භ කරන ලද්දේ පෙනිසිල්වේනියාවේ ස්වෙන්ක්ෆෙල්ඩර් පල්ලියේ සාමාජිකයින් විසිනි. මෑත කාලීන දශක වන විට නවසීලන්තය, ටැස්මේනියාව සහ කැලිෆෝනියාව පුරා ද කුංකුම වගාව පැතිරී ඇත. මෑත කාලිනව වාර්ෂික ලෝක නිෂ්පාදනයෙන් 90-93% අතප්රමාණයක් ඉරාණය සතුව පවතී.
හොදම සැෆ්රන් හඳුනාගන්නේ කොහොමද?
සර්ගෝල් සැෆ්රන් - All Red Sargol Saffron
වෙළඳපොළේ ඇති මිල අධිකම ඉතාම උසස් සැෆ්රන් වර්ගය වන මෙය කුංකුම රේණුවේ හොඳම කොටසයි. තද රතු හෝ කුණු ලේ වර්ණයෙන් පමණක් ඇති මෙම කොටස අනෙකුත් වර්ග වලට වඩා ඉක්මනින් ප්‍රතිඵල ලබා දෙන අතර ජලයෙහි දිය කළ විට ඉතාමත් දීප්තිමත් රන්වන් කහ පැහැයක් ලබා දෙයි. සැෆ්රන් ලංකා අප ඔබට ලබාදෙන්නේ මෙම වර්ගයේ ඉතාමත් උසස් සැෆ්රන් පමණි.
නෙගීන් සැෆ්රන් - Negin Saffron
මෙය සර්ගොල් සැෆ්රන් වලට වඩා මිලෙන් සහ ගුණාත්මකභාවයෙන් තරමක් අඩුය.නමුත් මෙයද හොඳ තත්ත්වයේ සැෆ්රන් වර්ගයක් ලෙස වර්ග කල හැක.මෙම සැෆ්රන් වර්ගයද රතු පැහැගන්නා අතර ජලයෙහි දිය කළ විට රන්වන් කහ පැහැයක් ගනියි.
පුශාල් සැෆ්රන් - Pushal Saffron
සම්පූර්ණ සැෆ්රන් රේණුව වන මෙහි අග කොටස තැඹිලි හෝ කහ වර්ණයක් ගනියි.මෙයේ දෙවන පන්තියේ සැෆ්රන් වර්ගයක් වන අතර ශ්‍රී ලංකා වෙළඳපොළේ දක්නට ලැබේ. මෙය මිලෙන් අඩු අතර දියවූ පසු සාමාන්‍ය කහ පැහැයක් ගනියි.
බන්ච් සැෆ්රන් -Bunch Saffron
ඉතාමත් අඩු ගුණාත්මකභාවයෙන් යුතු සැෆ්රන් වර්ගයක් වන මෙය ශ්‍රී ලංකා වෙළඳපොළෙහි සුලබව පැතිරී ඇත. මෙහි රතු පැහැයක් දක්නට නොමැති අතර දුඹුරු පැහැයෙන් යුතුවේ.මෙහි රේණුවේ අග කොටස සුදු පැහැ ගන්නා අතර ජලය සමඟ මුසු කළ විට වර්ණ ගැන්වීමට වැඩි කාලයක් ගත වන අතර තැඹිලි පාටට හුරු පැහැයක් ගනියි.
Ladyglow beauty tips වෙනුවෙන්
ඉන්දීවරි ආශිර්වාදිනි බණ්ඩාර

Comments
Post a Comment