සැෆ්රන් හා කස්තුරි කහ වලින් පැක්
රන්වන් පාට මුහුණකට ඔබත් කැමතිද?
වෙලදපොලෙන් මිලදී ගන්නා බ්ලීචින් හා වෙනත් රසායනික ද්‍රව්‍ය අන්තර්ගත ක්‍රීම් හා ආලේපන වෙනුවට ඔබට නිවසේදිම විනාඩි කිහිපයක් තුල රන්වන් පැහැ විය හැකි ආලේපන කිහිපයක් අරගෙනයි අද ආවෙ.
1. දොඩම් හා මී පැණි
ඔබට තියෙන්නේ තෙල් සමක් නම් ඔන්න පැහැපත් වෙන්න හොදම විසදුමක් . දොඩම් ගෙඩියක කහපාට පොතු මද පවනේ වියලාගෙන බ්ලෙන්ඩරයට දමා අඹරාගන්න .එයට මී පැණි තේ හැන්දක් පමණ එකතු කර තලපයක් සකස් කර මුහුණේ හා බෙල්ල ප්‍රදේශයේ ආලේප කරන්න. විනාඩි විස්සකින් පමණ උඩු අතට කවාකාරව මසාජ් කරමින් සෝදා හරින්න.
ඔබට තියෙන්නේ වියලි සමක් නම් දුක්වෙන්න එපා , මේ මිශ්‍රණයටම කිරි මේසහැන්දක් හෝ පොල්තෙල් මේස හැන්දක් එකතු කරල ආලේප කරන්න .සාමාන්‍ය සමටත් ඒ අයුරින් භාවිතා කල හැකියි .
දොඩම් පොතුවල ඇති හිතකර අම්ලවල බැක්ටීරියානාශක ගුණය නිසාම මේ මිශ්‍රණය කුරුලෑ සහිත සමකට උනත් සුදුසුයි. බ්ලැක් හෙඩ් වයිට් හෙඩ්, කලු පැහැ පැල්ලම් වලින් සම පිරිලා නම් ඒ අයටත් මේ ප්රතිකර්මය සුදුසුයි. දොඩම් වල ඇති විටමින් සී නිසා සමේ ඇති අදුරු පැල්ලම් ඉවත් වේ.
2. පැපොල් හා ඕට්ස්
පැපොල් මදය ආහාරයට ගැනීමෙන් අන්ත්රය නීරෝගි වන අතරම මදය මුහුණේ ආලේප කිරීමෙන් සමට ක්ශනික රන්වන් පැහැයක් ලැබේ. පැපොල් මදය සූරා පොඩි කර ඉන් මේස හැදි දෙකකට ඕට්ස් මේස හැන්දක්ද එකතු කර මුහුණේ හා ගෙල ප්‍රදේශයේ ආලේප කර විනාඩි දෙකක් පමණ කවාකාරව උඩු අතට සම්බාහනය කරන්න . ඕට්ස් ස්ක්‍රබ් එකක් ලෙස ක්‍රියා කරමින් මුහුණේ මැරුණු සම ඉවත් කරන අතර පැපොල් මගින් දීප්තිමත් පැහැයක් ලබා දේ. විනාඩි 20කින් පමණ සෝදා හරින්න .
3. යෝගට් , කඩල පිටි , සැෆ්රන්/ කස්තුරි කහ
යෝගට් මේස හැදි 2කට කඩල පිටි මේස හැන්දක් හා කස්තුරි කහ තේ හැදි බාගයක් හෝ සැෆ්රන් රේණු 4-5ක්
එකතු කර මිශ්‍රණය සකස් කරගන්න . මෙය මුහුණේ සහ ගෙලේ ආලේප කර විනාඩියක් පමණ කවාකාරව මසාජ් කරන්න. ඉන්පසු විනාඩි 20කින් පමණ සෝදා හරින්න. සම පැහැපත් කරන අතරම සමට නැවුම් බවක් ලබාදේ.
මෙම ස්වභාවික සත්කාර අත්හදා බලා ප්‍රතිඵල අපිට කියන්න ...
සුබ දවසක් !!!
උපුටාගැනීම තහනම්
Ladyglow beauty tips වෙනුවෙන්
ඉන්දීවරි ආශිර්වාදිනි බණ්ඩාර

Comments
Post a Comment