සැෆ්‍රන් ඔයිල්...

💮💮 සැෆ්‍රන් ඔයිල්...💮💮

🌼අපි හැමදාම ඔයාලා ඉල්ලපු දේ දුන්නා.. ඉතින්න් අදත් ඔන්න ඔයාලම ඉල්ලපු දෙයක් දෙන්නයි යන්නේ...

🤔🤔බලන්නකො එහෙනම්...

💢 සැෆ්‍රන් ගැන අමුතුවෙන් ඔයාලා එක්ක මං කතා කරන්න අවශ්‍ය නැහැ කියලා මං හිතනවා. කොයි තරම් මිල අධික වුනත් සැෆ්‍රන් කියන්නේ මිල කල නොහැකි දෙයක්.. එහෙම නේද...

👉👉අපි අද බලමු සැෆ්‍රන් වලින් ඔයිල් එකක් හදාගන්න විදිය...

💥අවශ්‍ය දෑ :-  👉සැෆ්‍රන් පිංච 2
(  දැන් ඉතින් අහනවනේ පින්ච 2ක් කියන්නේ කොච්චරක්ද කියලා.. 😁 පින්ච 2ක් කියන්නේ දබරැගිල්ලෙයි මහපට ඇගිල්ලෙයි තුඩු වලට අහු වෙන ප්‍රමාණය )
                     
                        👉ආමන්ඩ් ඔයිල් හෝ ඔලිව් ඔයිල් කෝප්ප භාගයක්
                         👉ග්ලිසරින් තේ හැදි 1 1/2
                         👉පිරිසිදු වියලි බෝතලයක්

💢හරි දැන් හදමු...

1. ආමන්ඩ් ඔයිල් හෝ ඔලිව් ඔයිල් තප්පර 30ක් මයික්‍රෝවේව් එකේ හෝ අඩු ගින්දරේ විනාඩි 2ක් තබා රත් කරගන්න.

2. දැන් එයට සැෆ්‍රන් හා ග්ලිසරින් දමන්න.

3. ඔබ ගත් බෝතලයට මේ තෙල් එක දමා හොදින් වසා සොලවන්න. උඩු යටිකුරු කරමින් සොලවන්න.

4.  සති 2ක් යනතෙක් හැමදාම උදේට බෝතලේ හොදින් සොලවන්න.

5. සති 2කින් පසු කැමතිනම් තෙල් එකේ ඇති සැෆ්‍රන් පෙරා අයින් කර ගත හැක. නමුත් එසේ කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. මන්ද ග්ලිසරින් දමන නිසා සැෆ්‍රන් වලට හානියක් සිදු වන්නේ නෑ.

💢ආලේප කරන ආකාරය..

👉සති 2 කට පසු රාත්‍රි නින්දට යාමට ප්‍රථම මෙය සමේ ආලේප උදෑසන සෝදා හරින්න.

😊😊සමේ ඇති වන වෙනස පැහැපත් වන අන්දම ඔබටම පෙනේවි.

😊😊එහෙනම් හදලා බලමු නේද.. මේ සදහා හොදම සැෆ්‍රන් ගන්න අමතක කරන්න එපා..😉
විස්තර හොයලා දුන්නේ අපේ ඉන්දි අක්කා.. අක්කටත් ගොඩක් තැන්කූ...

              ලෙන්ගතු කමින් ඔබට ගෙනෙන
                                       මම
                               මධූ දිල්ශානි

                   
Ladyglow beauty tips 

Comments

Post a Comment

Popular posts from this blog

මුල්තානි මිට්ටි කියන්නෙ මොනවාද ???

උබ්ටන් ෆේස් පැක්

ඔරේන්ජ් පීල් පවුඩර්