හණ ඇට ෆේස් ජෙල්..
හන ඇට කිව්වම හැමෝම දන්නව කියලා මං හිතනවා. 🤷
ඒ වුනාට පොඩි හැදින්වීමක් කරන්නම්.
👉හණ ඇට..
💥 හණ ඇට වල ඖෂධීය ගුණ ගැන අපට අසන්නට ලැබෙන්නෙ පුරාතන යුගයේ සිටයි. ඊජිප්තුවේ පැරනි ශිෂ්ඨාචාර වල හමු වී ඇති ඇතැම් ආගමික ස්ථාන වල ඇති බිතුසිතුවම් වල මල් රටා ආදියට මේ හණ ඇට භාවිතා කරල තියෙනවා. ඒ වගේම රෝමයේත් හණ ඇට වල ඇති ඖෂධීය ගුණ ගැන දැනගෙන සිට ඇති බවටද සාධල ලැබී තියනවා.
හණ ඇට ඖෂධීය අතින් වගේම රූපලාවණ්‍ය අතිනුත් බොහෝ ගුණ ඇති ඇට වර්ගයක්. අද මං ඔයාලට කියල දෙන්න යන්නෙ හණ ඇට වලින් ෆේස් ජෙල් එකක් හදාගන්න විදිය..
👉මෙම ෆේස් ජෙල් එක මගින්,
🏵️තරුණ බව සුරකිනවා
🏵️මුහුණේ ඇති කලු ලප නැති කරනවා
🏵️මුහුණ දීප්තිමත් කරන අතර සමට පෝෂනයක් ලබා දෙනවා.
🏵️හිරු රෂ්මිය නිසා අවපැහැ ගැන්වුනු තැන් ඉක්මනින් යතා තත්ත්වයට ලත් කරලනවා.
👉අවශ්‍ය දේවල්..
හණ ඇට මේස හැදි 2
ඇලෝවේරා ජෙල් තේ හැදි 1
වතුර 150ml
👉හදමු එහෙනම්..
මුලින්ම පිරිසිදු සාස්පානක් ලිපේ තියල ඒකට වතුර ටික දාගන්න. දැන් ඒකටම හණ ඇට ටිකත් දාලා අඩු ගින්දරේ විනාඩි 5 -6ක් හොදින් උතුරවා ගන්න. මේ අතර ඔයාලට දැකගන්න පුලුවන් ජෙල් එකක් වගේ වෙලා තියනව අපේ වතුර ටික.
පසුව ලිප ඕෆ් කර පිරිසිදු බෝල් එකකට රෙදි කැබැල්ලක් ආධාරයෙන් මේ හණ ඇට ජෙල් ටික පෙරාගන්න.දැන් හොදින් නිවෙන්න දෙන්න.
ඒ පෙරාගත් හණ ඇට ජෙල් එකට ඇලෝවේරා ජෙල් තේ හැදි 1 එකතු කරලා හොදින් මිශ්‍ර කරන්න.
දැන් ඔයාලගේ ෆේස් ජෙල් එක රෙඩී.. මේක ඔයාල මුහුණ හොදින් පිරිසිදු කරලා බෙල්ලේ සහ මුහුණේ හොදින් ආලේප කරල විනාඩි 30කට පසුව සෝදා හරින්න. සෑම සමකටම මේ ජෙල් එක සුදුසුයි.
💥සතියට දෙතුන් වතාවක් මේ සත්කාරය කරන්න. ඉතාම සුලු ප්‍රමාණයක් තමයි ආලේප කරන්න ගන්න ඕනේ හොදද..
💥මේ ජෙල් එක ඩප්පියකට දමා ෆ්‍රිජ් එකේ දින
4 - 5ක් අතර කාලයක් තියාගන්න පුලුවන්.
💥එහෙනම් මේක කරලා රිසාල්ට් එක්කම ෆොටෝ එකකුත් එවන්න. මතක තියාගන්න හොදම ප්‍රමිතියෙන් යුත් හණ ඇට මේකට ගන්න ඕන හොදද..😊😊
අන්තර්ජාලය ඇසුරෙන් ලබාගත් මෙහි සිංහල පරිවර්තනයක් මෙතෙක් නොමැති අතර මෙහි සිංහල පරිවර්තනයේ සම්පූර්න අයිතිය Ladyglow beauty tips සතුය.
Team of Ladyglow beauty tips♥️
මම
මධූ දිල්ශානි

Comments
Post a Comment